Friday, September 19, 2014

පරිණාමවාදය

පරිණාමවාදය

ඔන්න අදත් අපි ඔයාලට ඉතාමත් වැදගත් පොස්ට්  එකක් තමයි අරගෙන එන්නෙ.අහල ඇතිනෙ පරිණාමවාදය ගැන මෙහෙමයි මෙක එකම කාලයෙ දෙන්නෙක් ඉදිරිපත් කරපු අදහසක් එහෙම කියනකොට පුදුමත් ඇති මොකද ඔයාලා අහලා තියෙන්නෙ එක්කෙනෙක් ගැන විතරනෙ. ඒ "සර් චාල්ස් ඩාවින්" ගැන විතරනෙ ඔව් පරිණාමවාදයෙ පියා කියන්නෙ මෙයා තමයි නමුත් ඒ කාලෙම මෙ අදහසම සර්"චාල්ස් වොල්ස්" කියලා කෙනෙකුත් ඉදිරිපත් කලා , හරිනම් ඒ දෙන්නටම ගෞරවය දෙන්න ඕනි නේද ඒක ලොකු කතාවක් පස්සෙ වෙලාවක කියලා දෙන්නම්කො.

හරි අපි බලමු දැන් චාල්ස් ඩාවින් කිවෙ මොනාද කියලා. මෙයා ඒ කාලෙ ගැලපගස් කියලා දූපත් සමූහයක හිටපු සත්තු දිහා බලලා තමයි මේ දෙවල් ඉදිරිපත් කලේ. එයා කියපු වාදයේ ප්‍රධාන  නිරීක්ෂණ 3 යි උපකල්පන 2 යි තිබුනා

නීරීක්ෂණ

1) අධික ප්‍රජනක හැකියාව/අධිජනනය.
2) ගහනයේ විශාලත්වයේ ස්ථිතික බව.
3) ගහනය තුල ඇති විවිධත්වය/ ප්‍රභේදන

උපකල්පන

1) ජීවිත සටන
2) උචි‍තෝන්නතිය

හරි මෙක ලස්සන කතාවක්, ගහනවල ජීවීන් ඉන්නවනෙ මෙයාලා අධ්කව ප්‍රජනනය කරනවා ඒ නිසා ජීවීන් අධිකව බිහි වෙනවා නමුත් මෙයාලගෙන් ජීවත් වෙන්න වසනාව තියෙන්නෙ ටික දෙනෙක්ට විතරයි. නමුත් ඉතින් ගහනවල ජීවීන් ගනන වෙනස් වෙනවා හදුනගන්න අමාරුයි ඒ නිසා අපි කියනවා ගහනයක ජීවීන් සංඛ්‍යාව දිගුකාලීනව සමතුලිත මට්ටම් වල තියෙනව කියලා.මෙයාලා හෙමෝම එකිනෙකාට සමාන නෑ මේ වෙනස්කමි වලට තමයි අපි ප්‍රභේදන කියලා කියන්නෙ. ප්‍රබේදන ඇතිවෙන්නෙ අහබු ලෙස ඒවා ඒකාකාරීව වෙනස් වෙන ප්‍රභේදන(සන්තත ප්‍රභේදන), ඒකාකාරීව වෙනස් නොවන ප්‍රභේදන(අසන්තත ප්‍රභේදන) කියලා වර්ග 2ක් තියෙනවා
 සමහර ප්‍රභේදන හිතකරයි, සමහර ප්‍රභේදන අහිතකරයි. පරම්පර ගතවෙන ප්‍රභේදන වලට ආවේණී ප්‍රභේදන කියලා කියනවා.

කොහොම උණ්ත් කොච්චර ජීවීන් බිහි උණත් ප්‍රජනක අවධිය දක්වා ජීවත්වෙලා ජනිතයන් හදන්නෙ ජීවීන් ටික දෙනෙක් විතරයි. හෙතුව තමයි පරිසරයෙ තියෙන සීමිත සම්පත් ප්‍රමානය ලබා ගන්න මෙයාලා අතරෙ මාර සටනක් තියනවා ඒකට අපි ජීවිත සටන කියලා කියනවා.

1.වසස්ථාන
2.ජලය
3.ආහාර
4.ප්‍රජනක සහකරු සහකරියන්
5.ප්‍රජනක ස්ථාන

     සදහා තමයි මෙයාලා හෙමෝම සටන් කරන්නෙ. මෙම තරගය එකම විශේෂයෙ අය අතර(අන්තං විශේෂ තරගය) ලෙසත් අන්තර් විශේෂ තරගය ලෙසත් ආකාර 2 යි. ඒකෙනුත් අන්තං විශේෂ තරගය වඩාත් ප්‍රබලයි. ඉතිං හිතකර ලක්ශන තියෙන අය මේ සටන දිනලා ප්‍රජනනය කරලා හිතකර ලක්ශන සහිත නව ජීවින් බිහි කරනවා. අහිතකර ලක්ශන තියෙන අය ප්‍රජනනය කරන්නෙ නෑ ඉතිං අහිතකර ලක්ශන ඒ අයත් එක්කම ගහනයෙන් ඉවත් වෙලා යනවා. මේ ක්‍රියාවලිය අවුරුදු ගනනාවක් වෙනකොට ගහනයට උචිත ජිවීන් වඩිපුර ඉතිරි වෙනවා ඒකට අපි කියනවා උචිතයා උන්නතියට පත් වෙනවා කියලා  ඒක තමයි උචි‍තෝන්නතිය කියන්නෙ. මේ සම්පූර්ණ ක්‍රියාවලියට පරිණාමනය කියලා කියනවා. ෂෝක් නේද ඉතිං කතාව මෙච්චරයි. ඔන්න අපි ගියා ප්‍රශ්ණ තියෙනවනම් අහන්න.....

Wednesday, September 17, 2014

කාබෝහයිඩ්‍රේට

කාබෝහයිඩ්‍රේට

ඔන්න අහ අපි කබොහයිඩ්‍රේට් ගැන කියලා දෙන්න තමයි හදන්නෙ. විභාගෙටත් ටික ටික ලංවෙනවා නේද? හරි කාබෝහය්ඩ්‍රේට ගත්තහම මෙව වර්ග සෑහෙන ප්‍රමනයක් තියෙනවා මුලින්ම අපි බලමු පොදුවේ හැම කබෝහයිඩ්‍රේටයකටම තියෙන ලක්ෂණ මොනවද කියලා.මෙහෙමයි හැම කබෝහයිඩ්‍රේටයම හැදිලා තියෙන්නෙ C,H,O කියන මූල ද්‍රව්‍ය 3න් සමහර ඒවගෙ N එහෙමත් තියෙන්න පුලුවන් මෙයාලගෙ H:O අගය 2:1 යි.මෙයාලට පොදු අණුක සූත්‍රයක් තියෙනවා ඒක තමයි Cx(H2O)y, මම මුලින්ම කිවනෙ මෙවගෙ වර්ග ගොඩයි කියලා ඒවා අපි ප්‍රධාන කොටස් 3 ට බෙදනවා
1)මොනොසැකරයිඩ 
2)ඩයිසැකරයිඩ
3)පොලිසැකරයිඩ

1)මොනොසැකරයිඩ

හරි දැන් මෙහෙමයි, කාබෝහයිඩ්‍රේට වර්ග වලින් පුංචිම වර්ගය තමයි මොනොසැකරයිඩ කියන්නෙ. මෙවගෙ කාබන් පරමානු 3 ත් 10 ත් අතර ප්‍රමානයක් තියෙන්න පුළුවන්. අනිත් කබෝහයිඩ්‍රේට වර්ග වල මුලික ඒකකය කියල හදුන්වන්නෙ මොනොසැකරයිඩ තමයි.මෙවත් ඒයාලා ලග තියෙන C පරමාණු ගාන බලලා වර්ග කරල තියෙනවා,

කාබන් පරමානු ගනන                 නම               උදාහරණ

        3                                 ට්‍රයෝස              ග්ලිස‍රැල්ඩිහයිඩ්
        4                                 ටෙට්ට්‍රෝස         එරිත්තෝස්
        5                                 පෙන්ටෝස        රිබියුලෝස්,රයිබෝස්,ඩිඔක්සිරයිබෝස්
        6                                 හෙක්සෝස        ග්ලූකෝස්,පෘක්ටෝස්,ගැලැක්ටෝස්


2)ඩයිසැකරයිඩ

මුලික ඒකක අණු 2ක් එකතු උනහම ඩයිසැකරයිඩ අණුවක් හැදිලා ජල අණුවක් පිටවෙනවා. තෙරෙන්නෑ නේද එහෙනම් පහල බලන්නකෝ..
                     මොනොසැකරයිඩ + මොනොසැකරයිඩ  =  ඩයිසැකරයිඩ + H2O

ඩයිසැකරයිඩයක් හැදෙන කොට බන්ධනයක් හැදෙනවනෙ ඒ බන්ධනේට අපි කියන්නෙ "ග්ලයිකොසිඩික්"  බන්ධන කියලා.ඩයිසැකරයිඩ වර්ග 3 යි
1.මෝල්ටෝස්
      ග්ලූකෝස් + ග්ලූකෝස් = මෝල්ටෝස් + H2O
2.ලැක්ටෝස්
      ග්ලූකෝස් + ගැලැක්ටෝස් = ලැක්ටෝස් + H2O
3.සුක්‍රෝස්
      ග්ලූකෝස් + පෘක්ටෝස් = සුක්‍රෝස් + H2O
හරි මේ ඩයිසැකරයිඩ සේරම සීනි ඒ නිසා පැණිම පැණි රසයි, වතුරේ දිය වෙනවා හොදට, ස්පටිකීකරනය කරන්නත් පුලුවන්
.

3)පොලිසැකරයිඩ

දැන්නම් ටිකක් බරපතලයි මොකද පොලිසැකරයිඩ කියන්නෙ බහුඅවයවික ඒ කියන්නෙ හුගක් ලොකු අනු, අණුක ස්කන්ධය සෑහෙන්න වැඩියි.මොනොසැකරයිඩ අනු විශාල ගනනක් ග්ලයිකොසිඩික් බන්ධන වලින් බැදිලා තමයි පොලිසැකරයිඩ අනු හැදෙන්නෙ.



අණුව                              තැනුම් ඒකකය

පිෂ්ඨය                       ග්ලූකෝස්
ග්ලයිකොජන්            ග්ලූකෝස්
සෙලියුලෝස්             ග්ලූකෝස්
ඉනියුලීන්                   පෘක්ටෝස්

අපි කතාකරපු පොලිසැකරයිඩ සෙරමයි සුක්‍රෝසුයි ඔක්සිහාරක සීනි නෙමෙයි අනික්වා සේරම ඔක්සිහාරක සිනි  තමයි..පොලිසැකරයිඩ සමාන්‍යෙන් වතුරෙ ඩ්ගිය වෙන් නෑ ඒත් ඉනියුලීන් මදවශයෙන් වතුරෙ දිය වෙනවා කියලත් මතක තියාගන්න.


Tuesday, September 16, 2014

ඔබ ඉබෝලා ගැන දැනුවත්ද?

ඔබ ඉබෝලා ගැන දැනුවත්ද?

ඉබෝලා ආසාදිතයෙක් මේ දක්වා ශ්‍රි ලංකාවෙන් සොයාගෙන නැත.

"ඉබෝලා" කියන්නේ මොකක්ද?
ඉබෝලා ආසාදනන්ය වෙන්නේ වෛරස් එකකින්
දැඩි ලෙස රෝගාතුර වෙනවා,ලේ ගෙලීමත් එක්ක.
රෝගය බෝ උණ 90% ක් මරණයට පත් වෙනවා.

තවම ඖෂධයක් සොයාගෙන නෑ.
හුගක් දෙනෙකුට ඉතා ඉක්මනින් බෝ විය හැකි රෝගයක්.
ඉබෝලා හැදෙන්නෙ කොහොමද?
රෝගියෙකුගෙන් ඉතා පහසුවෙන් බෝ විය හැකිය.
මෘත ශරීර වලිනුත් පහසුවෙන් බෝවිය හැකිය.  

රෝග ලක්ෂණ මොනවාද?

වෛරසය ශරීර ගත ව් දින 2ක් තුල රෝග ලක්ෂණ පෙන්විය හැකිය.
1.උණ
2.මහන්සි ගතිය
3.හිසකැක්කුම
4.ඔක්කාරය

ද්විතික රෝග ලක්ෂණ.

1.වමනය(රුධිරය අන්තර් ගත විය හැකිය)
2.පාචනය(රුධිරය අන්තර් ගත විය හැකිය)
3.කැස්ස(රුධිරය අන්තර් ගත විය හැකිය)
4.රුධිර වහනය

රෝගියා මරාන්තික විය හැකිය.
රෝගියාට මරනය සුලබ විය හැකිය
ඉබෝලා වලක්වා ගන්නේ කෙසේද?
රෝගියෙකුගෙන් හෝ මෘත ශරීර වලින් රෝගය බෝ විය හැකි නිසා ඒවායින් ඈත්ව සිටින්න......

Friday, September 12, 2014

අණුක ජීව විද්‍යාව..

අණුක ජීව විද්‍යාව මඟින් ජීව විද්‍යාවේ අණුක මට්ටමින් හදාරයි. ජීව විද්‍යාවේ අනෙකුත් පැති කඩවල වන ප්‍රවේනිය හා ජීව රසායන විද්‍යාව සමඟ මෙය සමපාත වේ. අණුක විද්‍යාවෙන් සෛලවල පවතින විවිධ අන්තර් ක්‍රියා (DNA, RNA , ප්‍රෝටීන නිෂ්පාදනය, අණුක මට්ටමින් හදාරන අතර මෙම අන්තර් ක්‍රියා පාලනය වන අයුරු ද අධ්‍යනය කරයි.
සෛල ජීව විද්‍යාවෙන් සෛලවල කායික ක්‍රියා අධ්‍යයනය කරන අතර හැසිරීම්, අන්තර්ක්‍රියා පරිසරය (සෛලික) ගැන අධ්‍යයනය කරයි. මෙය අන්වීක්ෂ හා අණුක මට්ටමින් කෙරේ. සෛලික ජීව විද්‍යාව තනි සෛලික ජීවී ආකාර වන බැක්ටීරියාත් විශේෂිත වූ බහු සෛලික ජීවී ආකාර වන මානවයන් ගැන පරීක්ෂණ කරයි. ජීව විද්‍යාවට සෛලවල සංඝටක හා ඒවා කෙසේ ක්‍රියා කරයි ද යන්න අධ්‍යයනය කිරීම ප්‍රධාන තැනක් ගනී. සෛලික හා අණුක ජීව විද්‍යාවෙන් සෛල ආකාරවල සමානතා හා අසමානතා එක්සත් කේටාවක් උත්පාදනය කරන අතර එක් සෛල ආකාරය ඉහත ක්‍රියා අධ්‍යයනය කිරීමෙන් ඒවා තවත් සෛල ආකාරවල එම ක්‍රියා වන ආකාරය පිළිබඳ තක්සේරුවක් ගත හැක.
ජාන විද්‍යාව ජාන ප්‍රවේණිය, එක් එක් ජීව ආකාරවල විශමතා පිළිබඳ විද්‍යාවයි. ජානවල ප්‍රෝටීන නිෂ්පාදනය සඳහා තොරතුරු අඩංගු වන අතර එම ප්‍රෝටීන මඟින් බොහෝ දුරට, (කලින් සම්පූර්ණයෙන්ම තීරණය නොවූ අවසාන රූප ආකාරය තීරණය කරයි. නවතම පරීක්ෂණවලට අනුව ජාන විද්‍යාව, ජානයක ක්‍රියාකාරීත්වය පිළිබඳ පරීක්ෂණ හා ජාන අන්තර් ක්‍රියාවල සංස්ලේෂණවලට උපකරණ සපයයි. ජීවීන්ගේ ප්‍රවේණි ද්‍රව්‍යවල ප්‍රවේණිය සඳහා අවශ්‍ය තොරතුරු DNA අණුවල රසායනික ව්‍යුහයේ අඩංගු වී ඇත. සංවර්ධනය වීම පිළිබඳ ජීව විද්‍යාවේ ජීවීන් වර්ධනය හා ජීවීන් ප්‍රමාණය වැඩිම හා වර්ධනය වන ආකාරය අධ්‍යයනය කරයි. මෙය කළල විද්‍යාවෙන් පටන්ගෙන සෛලවල වර්ධනය විකිරණය වීම රූපාකාර බවට පත් වීම් ජාන මඟින් පාලනය වන ආකාරය අධ්‍යයනය කරයි. රූපාකාර බවට පත්වීම යන්නෙන් අදහස් කරන්නේ පටක, ඉන්ද්‍රිය, බවට පත්වීමයි. වර්ධක විද්‍යාවට යොදා ගන්නා ආකෘතික ජීවීන් වන්නේ පට පණුවා, පළතුරු මැස්සා, සීබ්‍රා මාළුවා, මීයා සහ වල් පැලෑටියක් වන ඇබිඩෝප් චීස් තැලියානා යොදා ගනී.

Thursday, September 4, 2014

පලවෙනියට Teacher's Gide එක මෙතනින් ගන්න...

This is Units of Biology

ජීවවිද්‍යාව විශය නිර්දේශයට අයත් ඒකක.
1. ජීවයේ සෛලීය පදනම.
2. ජීවයේ රසායනික පදනම.
3. ජෛව විවිධත්වය.
4. ජීවින්ගේ පෝශණය.
5. ජීවින්ගේ ශ්වසනය.
6. පරිවහනය.
7. සමායෝජනය හා සමස්ථිතිය.
8. බහිස්ස්‍රාවය.
9. ප්‍රජනනය වර්ධනය හා විකසනය.
10. ආවේණිය.
11. පරිසර ව්ද්‍යාව.
12. ක්ශුද්‍ර ජීවවිද්‍යාව.
13. ව්‍යවහාරික ජීව විද්‍යාව.

Sinhalen Biology



උසස්පෙල ඉතා තරගකාරී විභාගයක් බව මා ඔබට අමුතුවෙන් කිවයුතු නැත ඒ අතරින් විද්‍යාව විශය ධාරාවාසීරු වේ. Biology  විශය ධාරාව බොහොමයක්   විශය කරුණු සහිත විශයක් වේ.

අද සිට අප සූදානම් වන්නේ මෙම විශය ධාරාව සි0හලෙන් ඔබට සමීප කරවීමටයි. එක්වන්න අප සමග පහසුවෙන් "A"  සාමාර්ථයක් ලබාගන්න.

මේ Sinhalen Biology Blog අවකාශයයි.

මම
Shashika Weerasinghe,