About

ඔයාලා දන්නවා අපෙ උසස්පෙල විභාග රටාවේ තියෙන තරගකාරී බව කොහොමද කියන එක. ඉතින් exam ලියන ඔයාලගෙන් කිහිප දෙනෙක් විතරයි campus ගන්නෙ .

 අපි හදන්නෙ ඒ කිහිපදෙනා අතරට ඔයාලටත් යන්න උදව් කරන්න. මගෙ බ්ලොග් එකත් එක්ක එකතු වෙන ඔයාලට Bio වලට "A" එකක් ගන්න අපි උදව් කරනවා. ඉතින් මෙකෙන් ප්‍රයෝජනයක් ගන්න. 

 ඔයාලා හුග දෙනෙක් ඉන්ටෙර්නෙට් use කරනවනෙ, Facebook,Google,Youtube, ඒ හැමදෙකටම අඩුවක් වෙලා තිබුණු සිංහලෙන් Biology කියාදෙන වැඩෙ ඔන්න. අපි පටන්ගත්තා. අපෙන් ප්‍රශ්ණ අහලා හරියට වැඩටික කරගත්තොත් ඔයාලට Biology වලට ‍Tution යන්න ඕනි නෑ..ඒ වැඩෙ අපි කරලා දෙනවා. අපේ බ්ලොග් එක ‍Tution සර්ලටත් අභියෝගයක් වෙයි. ඔයාලට රු.1000ක් ඉතුරුත් වෙනවා නියමයි නේ.. ඉතින් දිගටම අපිත් එක්ක එකතුවෙලා ඉන්න.



ජීව විද්යාව (ග්රීක භාෂාවෙන් බයෝ හෙවත් ජීවිතය සහ ලොගෝස් හෙවත් පිළිබඳව අධ්යයනය යන තේරුම ඇතිව බිහි වී ඇත) ජීවය පිළිබඳව සිදුකරන විද්යාත්මක අධ්යයනයක් ලෙසට හැදින්වේ. ජීව විද්යාව මගින් ජීවීන්ගේ ව්යුහය, කෘත්, වර්ධනය, සම්බවය, පරිනාමය සහ ව්යාප්තිය පිළිබඳව අධ්යයනය කරනු ලැබේ. එමගින් ජීවින් පිළිබඳව වි.% කරන අතර ඔවුන්ගේ කෘතH, ජීවින් ඇති වු ආකාරය සහ ස්වාභාවික පරිසරය සමග සහ එකිනෙකා අතර ඇතිවන අන්තර් ක්රියා පිළිබඳව හදාරනු ලැබේ. නූතන ජීව විද්යාවෙහි පදනම සෑදෙනුයේ එයට ආවේනික මූලධර්ම හතරකිනි. ඒවා නම් ලෛවාදය, පරිනාමය, ප්රවේනිය සහ සමස්ථිතියයි.
ජීව විද්යාව වෙනමම විද්යාවක් ලෙස සංවර්ධනය වුයේ 19 වන ශතවර්ෂයේ දී විදයාඥයන් විසින් ජීවීන් මූලික ලක්ෂණයන් හුවමාරු කරගන්නා බවට සොයා ගැනීමත් සමගය. ජීව විද්යාව මේ වන විට පාසල් වල සහ ලොව පුරා විශ්ව විද්යාල වල සම්මත විශයක් බවට පත්ව ඇත. ලොව පුරා වර්ෂිකව ජීව විද්යාව සහ වෛද් විද්යාව පිළිබඳව විවිධ පර්යේෂණ පත්රකා ප්රකාශයට පත්වේ.

බොහෝ ජීව විද්යාත්මක හැදැරීම් විශේෂණය වු උප කොටස් වේ. සම්ප්රදායිකව ඒවා හදාරනු ලබන ජීවි විශේෂය අනුව වර්ගී කරණය කරනු ලබයි. එනම් උද්භිද විද්යාවේදී ශාක පිළිබඳව සත්ත්ව විද්යාවේදී සතුන් පිළිබඳවද ක්ශුද් ජීව විද්යාවේදී ක්ශුද් ජීවීන් පිළිබඳව අධ්යයනය කරනු ලබයි. ජීව විද්යාව තුලද එහි ක්ෂේත්රයන් අධ්යයනය කරනු ලබන ජීවින් සහ ඒවා හැදැරීම සඳහා භාවිතා කරන ක්රමෝපායන් අනුව තවදුරටත් බෙදීම් වලට ලක්වේ. ජෛව රසායන විද්යාවේදී ජීවයෙහි මූලික රසායනය පිළිබඳවද, අනුක ජීව විද්යාවෙහිදී ජීවි අනු අතර ඇති සංකිර්ණ අන්තර් ක්රියා පිළිබඳවද, සෛල ජීව විද්යාවේදී සියළු ජීවීන්ගේ මූලික නිර්මාපක ඒකකය වන සෛලය පිළිබඳවද අධ්යයනය කරනු ලබයි. භෞත වේදය මගින් ජීවීන්ගේ භෞතික සහ රසායනික ක්රියාකාරීත්වයන් පිළිබඳවද පරිසර විද්යාව මගින් විවිධ ජීවීන් ඔවුන්ගේ බාහිර පරිසරය සමග අන්තර් ක්රියා සිදු කරන ආකාරය පිළිබඳවද හදාරනු ලැබේ.

ජීව විද්යාව තනි සංගත ක්ෂේත්රයක් ලෙසට යන සංකල්පය ඇති වුයේ 19 වන ශත වර්ෂයේ වුවද ආදි ග්රීක සහ රෝම ඉතිහාසයෙහි විසු ගැලන් සහ ඇරිස්ටෝටල් ගේ සමයෙහි වු සම්ප්රදායික වෛද් විද්යාව සහ ස්වාභාවික ඉතිහාසය යන යුග වලදී පවා ජීව විද්යාව පැවතී ඇත. මේවා මධ් යුගයේදී විසු මුස්ලිම් ජාතික වෛද් වරුන් වු අල්-ජාහිස්, ඇවිසෙනා, ඇබෙන්සෝ සහ ඉබන් අල්-නෆීස් විසින් තවදුරටත් සංවර්ධනය කරන ලදී. යුරෝපීය පුනරුද සමයෙහි සහ මුල් නූතන අවධි වලදී ජීව විද්යාත්මක සංකල්පයන් වඩාත් විප්ලවකාරි ලෙස යුරෝපයෙහි ඇති වු අතර එමගින් අනුභවෛකවාදය හා බොහෝ නව ජීවීන් සොයා ගැනීම පිළිබඳව උනන්දුවක් ඇති වුණි. මෙකී ක්ෂේත්රයෙහි පුරෝගාමීන් වුයේ වෙසාලියස් සහ හාවිය. ඔවුන් භෞත විද්යාව පිළිබඳව පරීක්ෂණ සිදු කරන ලද අතර පිළිබඳව ඉතා සැලකිල්ලෙන් අධ්යයනය කරන ලදහ. ලිනෙයස් සහ බෆන් යන ස්වාභාවික වාදීන් ජිවයෙහි විවිධත්වය පිළිබඳව , පොසිල සාක්ෂි සහ ජීවීන්ගේ වර්ධනය හා හැසිරීම පිළිබඳව අධ්යයනය කළහ. අන්වීක්ෂීය සොයා ගැනීම් මගින් මින් පෙර හදුනානොගත් ක්ෂුද් ලෝකය පිළිබඳව හෙලිදරවු වු අතර එමගින් සෛල වාදය සදහා මූලික අඩිතාලම වැටුණි. ස්වාභාවික දේව ධර්ම ශාස්ත්රය පිළිබඳව වු වැදගත්කම මගින් කාර්මික චින්තනය. පිළිබඳව සොයා ගැනීම් සිදුවු අතර එමගින් ස්වාභාවික ඉතිහාසයෙහි වර්ධනය ශක්තිමත් කරන ලදී.

1 comment:

  1. ඔයාලගේ අදහස් කියලා යන්න අමතක කරන් එපා..

    ReplyDelete